කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් ගිලි අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ මළ සිරුර අද (05) සොයාගෙන තිබෙනවා.
එම ඔයේ සිල්වර් වලේ ගැඹුරු ස්ථානයක තිබී මළ සිරුර ගොඩගත් බව නෝර්වුඩ් පොලීසිය සඳහන් කරනවා.
මේ සඳහා කොළඹ වරාය රංගල නාවික කඳවුරේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන්ගේ සහාය ද ලබාගෙන තිබෙනවා.
මෙලෙස දියේ ගිලී මිය ගොස් ඇත්තේ, නෝර්වුඩ් වත්තේ පදිංචි නෝර්වුඩ් අයර්බි දමිළ මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සීදරන් වාගීෂන් නැමති පාසල් සිසුවෙක්.
මියගිය සිසුවා ඊයේ (04) පස්වරුවේ ඔහුගේ මිතුරන් 11 දෙනෙකු සමග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙලගමුඔයේ සිල්වර්වලේ දිය නාමින් සිටියදි අතුරුදහන් වුණා.
අතුරුදහන් වූ සිසුවා සොයා නෝර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සහයක නිරත වුණා.
