වෛද්‍ය සැපයුම් අංශයේ සායනික කටයුතු සඳහා අවශ්‍ය ගෝස් මීටර් මිලියන 40 ක් දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
රුපියල් බිලියන 2.4 කට අධික වටිනාකමකින් යුතු මෙම ව්‍යාපෘතිය හරහා දේශීය සුළු පරිමාණ නිෂ්පාදකයන්ට විශාල අත්වැලක් ලැබෙනු ඇති.
2026 වර්ෂය සඳහා අවශ්‍ය වන ගෝස් ප්‍රමාණය දේශීය නිෂ්පාදකයන්ගෙන් පමණක් මිලදී ගැනීමට රජය මීට පෙර තීරණය කර තිබුණා. ඒ අනුව ලියාපදිංචි දේශීය නිෂ්පාදකයන් 282 දෙනෙකුගෙන් මෙම මිලදී ගැනීම් සිදු කිරීමට නියමිතයි.
ගෝස් මීටරයක් රුපියල් 60 ශත 14 ක මිලකට යටත්ව, රුපියල් මිලියන 2,405.6 ක මුදලකට මෙම ප්‍රසම්පාදනය සිදු කෙරෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. මෙම පියවර හරහා දේශීය කර්මාන්තකරුවන් දිරිමත් කිරීම මෙන්ම විදේශ විනිමය ඉතිරි කර ගැනීම ද රජයේ අපේක්ෂාවයි.
