අස්වැසුම යෝජනා ක්‍රමය ගැන පාර්ලිමේන්තු විවාදය අද

සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිළිබඳ විවාදය අද (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

අද පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා එම විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කර සිටිනවා.

මෙම සතිය සඳහා අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.