ඉන්දීය කණ්ඩායම සමග පැවැති ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජයගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්වුණා.
ඉන්දියාව පරාජය කරමින් අයර්ලන්තය ක්‍රිකට් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙයයි.
තරගාවලියේ දෙවැනි තරගය ඊයේ පැවැත්වුනේ අයර්ලන්තයේ බෙයාර්ෆාස්ට් හිදී.
පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 20 ඇතුළත කඩුලු 08 ක් දැවී ලකුණු 154 ක් රැස්කලා.
හැරී ටෙකර් ලකුණු 53 ක් ලබාගත් අතර බෙන් කලීඩ්ස් ලකුණු 37 යි. පන්දු යැවීමේදි ප්‍රින්ස් යාදෙව් කඩුලු 3 ක් බිදහෙලුවා.
පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූ ලකුණු සංඛ්‍යාව 153 ක්.
තිලක් වර්මා ලකුණු 55 යි. පන්දු යැවිමේ මැට් හොලාර්ඩ් සහ ජායි මූන්ද්‍රා අතර කඩුලු 2 බැගින් බෙදීගියා. තරගයෙන් අයර්ලන්තය ජයගත්තේ එක් ලකුණකින්.
