ඉරානයට මේ වන තෙක් එල්ල කෙරුණු ප්‍රහාරවලින් 1200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ අතර, වයස අවුරුදු 12 ට අඩු ළමයින් 200 දෙනෙකු පමණ සහ කාන්තාවන් 200 දෙනෙකු වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
නමුත්, ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ, ප්‍රහාරවලින් දෙදහසකට ආසන්න පිරිසක් මියගොස් ඇති බවයි.
සාමාන්‍ය වැසියන් දසදහසකට වැඩි පිරිසක් ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාරවලින් තුවාල ලබා ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
