කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශවාසීන්ට දැනුම්දීමක්

ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීම මගින් ගුවන් යානාවලට, ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්ත්වයක් ඇතිව ඇති බැවින් කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙය නොසලකා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.