සැතපුම් දහස් ගණනක සාමයේ පියසටහන්… ඇමෙරිකාවේ සිට ලක් පොළොවට

සාමය සඳහා පා ගමනේ නිරත භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කළා.

සාමය සඳහා පා ගමනේ නිරත නියෝජිත කණ්ඩායමේ භික්ෂූන් වහන්සේ පිරිසක් ඇමරිකාවේ ටෙක්සාස් හි ඩලස් ෆෝර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ශ්‍රී ලංකාව දක්වා පූජනීය ගමන මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ෆ්‍රා පොන්චායි කමියීම් භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස සාමය සහ දයානුකම්පාව පිළිබඳ පණිවිඩය රැගෙන ලොව පුරා වැඩමවීම සිදුවනවා.

බුදුන්ගේ ඉගැන්වීම් මෙන්ම සමගිය සහ අධ්‍යාත්මික සුවය අඛණ්ඩව පැතිරවීම ඔවුන්ගේ මෙහෙවරයි.

භික්ෂූන් වහන්සේගේ මෙම පැමිණීම මෙරට යහපත්කමට අනුබල දෙනු ඇති බවත්, ප්‍රජා බැඳීම් ශක්තිමත් කරනු ඇති බවත්, ඔවුන් හමුවන සියලු දෙනා අතර අභ්‍යන්තර සාමය දිරිමත් කරනු ඇති බවත් සාමය සඳහා පා ගමනේ සංවිධායකයින් බලාපොරොත්තු වනවා.