පාදුක්ක, මිරියගල්ල ප්‍රදේශයේදී ඊයේ (09) දින දහවල් නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක එකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින්.
එහිදී මත්පැන් ලීටර් 75 (බෝතල් 100) ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පාදුක්ක පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු අවුරුදු 39 ක් වන මිරියගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පාදුක්ක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
