ගන්දර පොලිස් වසමේ අක්කර 18 ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු වූ දරුවෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
ඒ ඊයේ (09) රාත්රී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන්.
මරණකරු හා තවත් පිරිසක් අතර පෙර පැවැති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
