ඉරානය සමග දැනට ක්‍රියාත්මක සති දෙකක සටන් විරාමය දීර්ඝ කිරීමට තමා අදහස් නොකරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ගැටුම් අවසන් කිරීම සඳහා සාකච්ඡා මාර්ගයෙන් ගිවිසුමකට එළඹීම තමන් වඩාත් කැමති ප්‍රතිඵලය බවටයි ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉඟි කර ඇත්තේ.
ABC පුවත් සේවයේ වොෂින්ටන් ප්‍රධාන වාර්තාකරු ජොනතන් කාල් සමග අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, සටන් විරාමය දීර්ඝ කිරීම අවශ්‍ය වනු ඇතැයි තමා විශ්වාස නොකරන බවයි.
ඉදිරි දින දෙක තුළ පුදුමාකාර සිදුවීම් කිහිපයක් ඔබ දකිනු ඇති බව ට්‍රම්ප් එහිදී මාධ්‍යවේදියාට කියා තිබෙනවා.
යුද්ධය අවසන් වන්නේ ගිවිසුමක් මගින්ද නැතහොත් ඉරානයේ හැකියාවන් සහමුලින්ම විනාශ කිරීමෙන්ද යන්න විමසූ විට, ට්‍රම්ප් පවසා ඇත්තේ එම ප්‍රතිඵල දෙකම සිදුවිය හැකි නමුත් තමා වඩාත් කැමති රාජ්‍ය තාන්ත්‍රික මාවතට බවයි.
