කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය ආශ්‍රිතව මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් වාර්තාවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ හා මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වල පදිංචි ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන වාහන පදවන්නන් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
තවද, මෙම තත්වය සම්බන්ධයෙන් අවශ්‍ය පූර්ව සූදානම් සහ ආරක්ෂක පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ සහ අනෙකුත් වගකිවයුතු ආයතනවලින් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත්, දැනට ලැබී ඇති වර්ෂාපතන දත්ත සහ පවතින වර්ෂා රටාව සැලකිල්ලට ගත් විට ඉදිරි පැය කිහිපය තුළ ගංගා ජල මට්ටම්වල සැලකිය යුතු හෝ ශීඝ්‍ර වැඩිවීමක් අපේක්ෂා නොකරන බව ද එහි සඳහන්.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (14) පස්වරු 07.30 දක්වා වලංගුවේ.
