බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යනවා. තරගාවලිය ලබන මස 03 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තරගාවලියට එක්දින තරග තුනක්, විස්සයි විස්ස තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.
ඊට සහභාගී වන කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා. ඒ අනුව එක්දින සහ විස්සයි විස්ස නායකත්වයේ වෙනසක් සිදුකරමින් එම අංශ දෙකෙහිම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට පවරා තිබෙනවා.
උපනායකයා ලෙස නම්කර තිබෙන්නේ කමිදු මෙන්ඩිස්. ඒ අනුව හිටපු එක්දින නායක චරිත් අසලංක සහ හිටපු විස්සයි විස්ස නායක දසුන් ශානක කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් අතරට ඇතුළත්.
ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා නම් කර ඇති අතර එහි උප නායකත්වයද කමිදු මෙන්ඩිස්ට හිමිව තිබෙනවා. කොදෙව් ශ්‍රී ලංකා තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ලබන 03 වැනිදා කිංග්ස්ටන් හිදි පැවැත්වීමට නියමිතයි.
