ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ජයගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 40 කින් පරාජය කරමින්.
තරගය පැවැත්වුනේ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 05 ක් දැවී ලකුනු 203 ක් රැස්කළා.
කේ.එල්. රාහුල් ලකුණු 60 යි. පිළිතුරු ලෙස කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් රැස්කිරීමට හැකිවුනේ ලකුණු 163 ක් පමණයි.
ආජින්ක්යා රහානේ ලකුණු 63 යි. පන්දු යැවීමේදී ලුන්ගි එන්ගිඩි සහ කුල්දීප් යාදෙව් කඩුලු 3 බැගින් දවාගත්තා.
