කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ


පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් පස් කඳු හා ගල් පෙරළී මාර්ගය අවහිරවීම හා නාය අවදානමක් මතුවීම හේතුවෙන් කඩුගන්නාව ඩෝසන් කුළුණ අසලින් සහ මාවනැල්ල ගනේතැන්න හන්දියෙන් තාවකාලිකව මාර්ගය වසා දැමීමට පියවර ගනු ලැබුවා.

එම මාර්ගය අද උදේ 6.00 සිට යළිත් ගමනාගමනය සඳහා විවෘත කර ඇති බවයි පොලිසිය දැනුම් දෙන්නේ.