අලුත් අවුරුදු නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.
මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ යෙදවීම සදහා ද අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන් සඳහා ද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට විශේෂ බස් රථ ධාවනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
