2026 ප්රංශ පාපැදි සවාරිය ජය ගැනීමට ස්ලෝවේනියාවේ ටඩේෂ් පොගාකර් සමත් වුණා.
ඔහු ප්රංශ පාපැදි සවාරිය ජයගත් 5 වැනි අවස්ථාව මෙයයි.
අදියර 21 කින් සමන්විත වූ ප්රංශ පාපැදි සවාරියේ අවසන් අදියර ඊයේ පැවැත්වුණා. එහි දුර කිලෝමීටර 88.7 ක්.
එම අදියර ජය ගැනීමට සමත් වුනේ නෙදර්ලන්ත ක්රීඩක මැතිව් වෑන්ඩර්.
අදියර 21 අවසන් වන විට සමස්ත පාපැදි සවාරිය ජයගත් ස්ලෝවේනියාවේ ටඩේෂ් පොගාකර් සමස්ත සවාරියට ගත කල කාලය පැය 72 මිනිත්තු 53 තත්පර 22 ක්.
ඔහු, මීට පෙර 2020 – 2021 – 2024 සහ 2025 යන වසරවලදීද ප්රංශය පාපැදි සවාරිය ජයගෙන තිබෙනවා.
