ඩෙංගු රෝගීන් 75,000 පනී

දිවයිනෙන් මේ දක්වා ඩෙංගු රෝගීන් 75,321 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මරණ සංඛ්‍යාව 53 ක්.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ ඩෙංගු තවමත් අවදානම් මට්ටමේ පවතින බවයි.

දිවයින පුරා ඩෙංගු අධි අවදානම් ප්‍රදේශවල මදුරු මර්දන විශේෂ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මකයි.