තාන්තාමලයෙන් අවාසනාවන්ත පුවතක්

කොක්අඩිචෝලය, තාන්තාමලය ප්‍රදේශයේදී ඊයේ (11) දින උදෑසන පුද්ගලයකුට විදුලිසැර වැදීමෙන් මියගොස් ඇති බවට කොක්අඩිචෝලය පොලිසියට ලද පණිවිඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 58 ක් වූ තාන්තාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු තම වගාවට ජලය යෙදීම සඳහා විදුලි මෝටරය සවිකිරීමට යාමේදී විදුලි සැර වැදී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරඇත.

කොක්අඩිචෝලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.