2026, කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පිරිනැමෙන ත්‍යාග මුදල් ඊයේ (13) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
මෙවර තරගාවලියේදී ලබා දෙන සමස්ත ත්‍යාග මුදල වාර්තා ගත ලෙස වැඩි කර තිබීම විශේෂත්වයක්.
එංගලන්තය සහ වේල්සය හිදී පැවැත්වෙන 2026, කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට, මෙවර ඉතිහාසයේ පළමු වරට කණ්ඩායම් 12 ක් තරගවදිනවා.
තරගාවලියේ දී ලබා දෙන සමස්ත ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 8 යි දශම 7 යි 6 ක්.
එය 2024 වසරේ ලබා දුන් ත්‍යාග මුදලට වඩා සියයට 10 ක වැඩිවීමක්. ඒ අනුව, මෙවර තරගාවලියේ ශූරයින්ට අමෙරිකානු ඩොලර් මිලියන 2 යි දශම 3 යි 4 ක් සහ අනුශූරතාවට අමෙරිකානු ඩොලර් මිලියන 1 යි දශම 1 යි 7 ක මුදලක් පිරිනැමීමට නියමිතයි.
අවසන් පූර්ව තරගවලදී පරාජයට පත් වන කණ්ඩායම් දෙකට අමෙරිකානු ඩොලර් හයලක්ෂ 75,000 ක් හිමියි.
මූලික වටයේ ක්‍රීඩා කරන සෑම කණ්ඩායමකට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් දෙලක්ෂ 47,500 ක මුදලක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
2026 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි මස 12 වැනිදා එංගලන්තයේ බර්මින්හැම් හිදී ආරම්භ වීමට නියමිතයි.
