දෙවැනි රන්දෝලි පෙරහර වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර හෙට (24) වීථි සංචාරය කිරීමට නියමිත අතර, ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කර තිබෙනවා.

අගෝස්තු 18 වන දින ආරම්භ වූ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 28 වන දින දක්වා පැවැත්වේ.

පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා මාර්ග බාධක යෙදවීම, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගල පරීක්ෂාව, සංචාරකයින්ට මගපෙන්වීම මෙන්ම රථවාහන ගාල් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇත.  

එම රථ වාහන සැලැස්ම පහතින්,