නව බස් ගාස්තු මෙන්න

නව බස් ගාස්තු සංශෝධනය මේ මස 06 වැනිදා සිට ක්‍රියාත්මක බව, ජාතික ගමනාගමන කොමිසන් සභාව නිවේදනය කරනවා.

ඒ අනුව අවම ගාස්තුව වන රුපියල් 30 ක මිල 34 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙවර වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා පසුගිය 30 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව පසුගිය මස 30 වැනිදා ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25 කින් අඩුවීමද ඇතුළත්ව, පිරිවැය සාධක වල මිල වෙනස්වීම් සලකා බලා වර්තමානයේ ක්‍රියාත්මක බස්ගාස්තු වැඩිකර තිබෙනවා.

එම නව බස් ගාස්තු මේ මස 05 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසු ක්‍රියාත්මකයි.

නව බස් ගාස්තු මිල ගණන් පහතින්,