රුසියාව, යුක්‍රේනයට එරෙහිව ප්‍රහාර තීව්‍ර කර තිබෙනවා. කියෙවු හි රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලකට ද ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි, යුක්‍රේන අගමැතිනිය ප්‍රකාශ කරන්නේ.
ගොඩනැගිල්ලේ වහලය සහ ඉහළ මහලයට ඉන් දැඩි හානි සිදුව තිබෙනවා.
ප්‍රහාරය සමග එහි ගින්නක් හට ගත් බවයි, අගමැතිනී, යූලියා ස්වයිරිඩෙන්කෝ ප්‍රකාශ කරන්නේ.
රජයේ ප්‍රධාන පෙළේ ගොඩනැගිල්ලකට රුසියානු ප්‍රහාරයක් එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
මේ අතර, ස්වියාටොෂින්ස්කි දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයකට එල්ල වූ ප්‍රහාරයකින් කුඩා දරුවෙකු ඇතුළුව 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
යුක්‍රේන හමුදා ප්‍රකාශ කරන්නේ රුසියාව, ඉකුත් රාත්‍රියේ ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර 800කට අධික සංඛ්‍යාවක් එල්ල කළ බවයි.
ඉන් බොහොමයක් ව්‍යර්ථ කිරීමට හැකි වූ බව සඳහන්. එහෙත් යුක්‍රේන හමුදාවේ ආයුධ ගබඩාවකට සහ යටිතල පහසුකම් රැසකට ප්‍රහාර එල්ල කළ බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
