පාර්ලිමේන්තුව අද (18) පෙ.ව. 9.30 රැස්වීමට නියමිතව ඇත.
පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහායි වෙන් කර ඇත්තේ.
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක්, (235 අධිකාරය වූ) රේගු ආඥාපනත යටතේ අංක 2464/15 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ පළ කර ඇති යෝජනා සම්මතය සහ (203 අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතයි.
ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
