දකුණු පිලිපීනයේ වෙරළබඩ ප්‍රදේශයේ රික්ටර් මාපක 7.6 ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඒ අනුව, සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි.
පවතින අවදානම් තත්වය හේතුවෙන් වෙරළබඩ කලාපයේ ජනතාවට උස්බිම් ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස දැනුම් දී තිබෙනවා.
මින්ඩනාවෝ කලාපයේ මැනේ නගරයට ඔබ්බෙන් කිලෝමීටර 10 ක් ගැඹූරින් ප්‍රබල භූකම්පාව හටගෙන ඇති බව සඳහන්.
නිවාස හා දේපල රැසකට අලාබ හානි සිදුව ඇති අතර, ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ.
වෙරළබඩ කලාපය ආශ්රිත මුහුදු රළ මට්ටම මීටර් 3 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවටයි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ.
මේ හේතුවෙන් ඉන්දුනීසියාවේ සහ පලවු දූපත් කලාපයට දැඩි රළ පහරක් එල්ල වියහැකි බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.
