‘පුන­රු­දයේ පුර­වර’ පළාත් පාලන සතිය අදින් ඇරඹේ

‘පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්’ ජාතික තේමාව පෙර­දැරි කර­ග­නි­මින්, සමස්ත ලංකා පළාත් පාලන පද්ධ­ති­යම ආව­ර­ණය වන පරිදි සංවි­ධාන කරනු ලබන ‘පුන­රු­දයේ පුර­වර’ පළාත් පාලන සතිය අද (14) ආරම්භ කෙරෙනවා.

රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශය මඟින් මෙහෙ­ය­වනු ලබන මෙම විශේෂ වැඩ­ස­ට­හන සැප්තැ­ම්බර් 19 වැනිදා දක්වා දිව­යින පුරා ක්‍රියා­ත්මකයි.

සාම්ප්‍ර­දා­යික නිල­ධා­රි­වාදි රාමු­වෙන් මිදී මහ­ජන කේන්ද්‍රීය, කාර්ය­ක්ෂම, පරි­සර හිත­කාමී සහ පාර­දෘශ්‍ය පළාත් පාලන සංස්කෘ­ති­යක් ස්ථාපිත කිරීම සහ මහ­ජ­න­තාව සෘජු­වම රාජ්‍ය පාලන ක්‍රියා­ව­ලි­යට සම්බන්ධ කර­ගැ­නීම මෙම සතියේ ප්‍රධාන අර­මු­ණයි.

අද (14) දින සමා­ර­ම්භක දිනය ජංගම සේවා සහ ආදා­යම් ප්‍රව­ර්ධන දිනය ලෙස වෙන්කොට තිබෙනවා.

ඒ අනුව පළමු දිනය පළාත් පාලන සේවා­වන් මහ­ජ­න­තාව වෙත තව­දු­ර­ටත් සමීප කිරීම සහ ආදා­යම් මාර්ග පුළුල් කර­ගැ­නීම සඳ­හායි.

මෙදින ප්‍රදේ­ශයේ විවිධ ස්ථාන­වල ජංගම සේවා පව­ත්වනු ලබන අතර හිඟ වරි­ප­නම් සහ කඩ­කුලී රැස්කි­රීම, සරල ගෙවීම් ක්‍රම­වේද (සරල ආකෘති පත්‍ර, සහන ක්‍රම) හරහා සිදු­ කෙරෙනවා.

එමෙන්ම ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය, සෞඛ්‍ය අංශ සහ සමාජ සේවා දෙපා­ර්ත­මේ­න්තුව සමඟ ඒකා­බ­ද්ධව කට­යුතු කර­මින්, ඉදිරි වාර්ෂික අය-වැය ලේඛන සඳහා යොදා­ගැ­නී­මට මහ­ජන අද­හස් සහ පැමි­ණිලි ලබා­ගැ­නීම සිදු කෙරෙනවා.