දේශීය හා විදේශීය පුරවැසියන් විවිධ අවශ්‍යතා සඳහා පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීම හා ඊට අදාල වන ක්‍රමවේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් නිරන්තරයෙන් විමසීම් සිදුකරනු ලබනවා.
පොලිස් නිෂ්කාශන වාර්තාව ඉල්ලුම් කරනු ලබන තැනැත්තා යම් නීති විරෝධී හෝ අපරාධමය ක්‍රියාවකට සම්බන්ධ නොවූ නීතිගරුක පුද්ගලයකු වන විටකදී ඔහු හෝ ඇයගේ පොලිස් නිශ්කාෂන වාර්තාව ඉතා කඩිනමින් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
කෙසේ නමුත් අනීතික හෝ අපරාධමය ක්‍රියාවන් හා සම්බන්ධ පුද්ගලයින් හා සම්බන්ධ වාර්තාවන් අයහපත් නිෂ්කාශන වාර්තා ලෙස නිකුත් කරනු ලබනවා.
අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවියට පිවිස www.police.lk හරහා E service යොමුවට පිවිස Clearance Certificates යන්න තෝරාගෙන අදාළ අයදුම්පත සම්පූර්ණ කර පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිසිය විසින් විදේශගතව සිටින පුරවැසියෙකු පොලිස් නිශ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා සඳහා රුපියල් 5,100/- ක (පන්දහස් එකසියයක) මුදලක් ගෙවිය යුතු වන අතර ඊට අදාල මුදල් ලදුපත ලැබීමෙන් පසු දින 14ක් වැනි කාලයකදී තම පොලිස් නිෂ්කාශන වාර්තාව ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
විදෙස්ගතව සිටින තැනැත්තන් වීසා කාලය දීර්ඝ කිරීම, තම සේවා කාලය දීර්ඝ කර ගැනීම හෝ වෙනත් විවිධ රාජකාරිමය අවශ්‍යතා සඳහාද පොලිස් නිෂ්කාශන වාර්තා ඉල්ලුම් කරනු ලබයි. මේ සඳහා ප්‍රධාන ඉල්ලුම් කිරීමේ ක්‍රම දෙකක් ක්‍රියාත්මකයි.
එනම්,
• මාර්ගගත ක්‍රමය (Online System) හා
• විදෙස් ගත රටවල පිහිටා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා නිෂ්කාශන වාර්තා ඉල්ලුම් කිරීමයි.
ඉහත සඳහන් ක්‍රමවේද ඔස්සේ අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදී අදාළ පොලිස් වසම, දුරකථන අංකය හා විද්‍යුත් තැපැල් ලිපිනය අනිවාර්යෙන් සඳහන් කළ යුතුයි.
දේශීය පුරවැසියෙකුට අධ්‍යාපන කටයුතු, ව්‍යාපාරයක් ලියාපදිංචි කර ගැනීම, විවිධ සමිති සමාගම් වෙත බැඳිම ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා පොලිස් නිෂ්කාශන වාර්තා ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලීම් කරනු ලබනවා.
ඒ සඳහා නිෂ්කාශන වාර්තා අයදුම්පත්‍රය, තම පදිංචිය තහවුරු කරන ග්‍රාම සේවා නිලධාරිගේ සහතිකය, ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගුවන් ගමන් බලපත්‍රය සමඟ පදිංචියට අදාල පොලිස් වසමේ ස්ථානාධිපතිවරයාට ඉදිරිපත් කර අයදුම් කිරීම සිදු කල හැකිය.
එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පැය 48 ක් ඇතුළත අයදුම්කරු සම්බන්ධ නිසි විමර්ශන කටයුතු වලින් අනතුරුව අදාළ නිශ්කාශන වාර්තාව නිකුත් කිරීම සිදු කරනු ලබනවා.
පොලිස් නිශ්කාශන වාර්තාවක් ඉල්ලුම් කිරීමේදී නිවැරදි තොරතුරු ඇතුළත් කිරීමට අයදුම්කරුවන් කටයුතු කළ යුතු අතර එසේ නොමැතිව වැරදි තොරතුරු සඳහන්ව ඇති අවස්ථාවන්හිදී අදාළ වාර්තාව ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇති.
තවද අයදුම්කරු සම්බන්ධයෙන් නඩු කටයුත්තක් පවත්වාගෙන යන්නේ නම් ඒ සම්බන්ධව ද කිසියම් හේතුවක් මත විදේශයකින් පිටුවහල් කර ඇත්තේනම් ද, හා අයදුම්කරු ත්‍රිවිධ හමුදා නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකුද යන වගද ඉල්ලුම්පතෙහි සඳහන් කිරීම අනිවාර්යය වනවා.
නිශ්කාශ වාර්තාවක් ඉල්ලා සිටීමෙන් පසු එහි යම් සංශෝධනයක් කිරීමට අවශ්‍ය වන විටකදී, අයදුම්පත යොමු කර පැය 72 ක කාලයක් ඇතුළත පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිෂ්කාශන අංශය සමඟ සම්බන්ධ වී එම සංශෝධනය සඳහා අවස්ථාව ලබා ගත හැකි.
අදාල දුරකථන අංක නම්,
071 8592990 දරණ වට්ස්ඇප් අංකය
011 2439185 / 011 2439186 / 011 2122800
