හැටන් කොටගල නගරයේ විවාහ උත්සවයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය දිඹුල පතන පොලිසියේ නිළධාරින්ගේ රාජකාරියට බාධා කර කලහකාරි ලෙස හැසිරුණු ප්‍රධාන සැකකරු ඇතුලු තවත් සැකකරුවන් තිදෙනෙකු අද (22) දින නීතිඥයෙකු මාර්ගයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා.
එම සැකකරුවන් තිදෙනා ජූලි මස (06) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කර ඇත.
එසේ අධිකරණය හමුවට භාරවී ඇත්තේ, පොලිස් නිළධාරිනියගේ රාජකාරියට බාධා කළ ප්‍රධාන සැකකරු ඇතුලු තවත් දෙදෙනෙකු බවත්,එම සැකකරුවන් සිද්ධිය වු දින සිටිම පොලිසිය මගහරිමින් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බවයි දිඹුල පතන පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.
එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 11 දෙනෙකු දිඹුල පතන පොලිසිය මගින් මිට ප්‍රථම අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් (22) දින දක්වා බන්ධනාගාර ගත කර එම සැකකරුවන්ට රු.50000ක පුද්ගලික ශරිර ඇප මත මුදා හැර එම නඩුව යලිත් ජූලි මස (06) දින කැදවිමට නියෝග කළහ.
