පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

ලංකාද්වීපයට බුදු දහම දායාද කරමින් අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබෙනවා.

මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අදවන් පොහොය දිනක සිදුවූ අතර එතැන් සිට මෙරට බුදු දහම ස්ථාපිත වුණි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්ථිය, උත්ථිය, සම්භල, භද්දසාල යන ස්වාමීන්වහන්සේ ද සුමන සාමණේරයන් වහන්සේ සහ භණ්ඩුක උපාසක යන ධර්ම දූත පිරිස සදහම් පණිවුඩය රැගෙන අද වැනි දිනෙක ලක්දිවට පැමිණියා.

මිහිඳු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස රජතුමා හමුවන විට රජු ඇතුළු පිරිස මුව දඩයමේ නිරත වූ බව ඉතිහාසයේ සඳහන්.

රජතුමාට චුල්ලහත්ථී පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව බුදු සසුන පිහිටුවීමේ ආරම්භය සටහන් වුයේ ද අද වැනි උතුම් දිනකයි.