බඩුත් සමඟ හොරු මාට්ටු

නිවෙස් බිඳ දේපළ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු හා එම සොරබඩු ළඟ තබාගෙන සිටි සැකකාරියක් හා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) දින උදෑසන වැලිකඩ පොලිස් වසමේ නානායක්කාර මාවතේදී බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපල සොරකම් කිරීමේ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 27 ක් වන කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු 2025.06.17 හා 18 යන දෙදින තුළ වැලිකඩ පොලිස් වසමේ රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපල සොරකම් කිරීමේ අපරාධ 09කට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරු සොරා ගන්නා ලද දේපල ලඟ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු හා සැකකාරියක් සොරබඩු ළඟ තබාගැනීමේ වරදට 2025.06.22 වන දින සවස් කාලයේදී වැලිකඩ පොලිස් වසමේ ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 52 ක් හා සැකකාරිය වයස අවුරුදු 45 ක් වන රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.