ශ්‍රී ලංකාවට ඔබ්බෙන් දකුණු ගැඹුරු මුහුදේදි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බවට සැකපිට නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුධින යාත්‍රාව තංගල්ල ධීවර වරාය වෙත මීට සුළු වේලාවකට පෙර රැගෙන විත් තිබෙනවා.
යාත්‍රාව නාවික හමුදා භාරයට ගනු ලැබුවේ ධීවරයින් 6 දෙනෙකු සමගයි. යාත්‍රාව සහ ධීවරයින් රැගෙන ඒම සඳහා නාවික හමුදා යාත්‍රා දෙකක් අද තංගල්ල, ධීවර වරායෙන් පිටත් වුණා. බහුදින යාත්‍රාවේ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත අතර, සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිසියට බාරදීමට නියමිතයි.
