මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන්, ප්‍රධාන ජල විදුලි නිෂ්පාදන ජලාශ කිහිපයක ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැස තිබෙනවා.
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට මාස කිහිපයක සිට පවතින අහිතකර කාලගුණික තත්ත්වය හමුවේ කාසල්රි සහ මවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම තවදුරටත් සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතිනවා.
ජලාශභාර ඉංජිනේරුවන් සඳහන් කරන්නේ, අද (08) දින අලුයම 6 වන විට මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 47ක් දක්වා පහළ බැස ඇති බවයි. එමෙන්ම කාසල්රි ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමේ සිට අඩි 43.8ක් දක්වා පහළ බැස තිබෙනවා.
ජල මට්ටම මෙලෙස සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් ජලාශ පතුලේ පිහිටි පැරණි නටබුන් සහ ගොඩනැගිලි පවා මේ වන විට යළි මතුවෙමින් පවතින අයුරු දැකගත හැකියි.
