හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ් සමඟ පැවති දීර්ඝ නීතිමය ආරවුල අවසානයේ ඇයගෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියනයක සම්පූර්ණ වන්දි මුදල සුපිරි හොලිවුඩ් නළු ජොනි ඩෙප් විසින් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කර තිබෙනවා.
මෙම නීතිමය සටන තමන් සිදු කළේ මුදල් අරමුණු කරගෙන නොවන බවත් තමන්ගේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පමණක් බවත් ඔහු නඩු විභාගය පුරාම අවධාරණය කළා.
ඒ අනුව මෙම මුදල් පරිත්‍යාගය, ඔහු ප්‍රකාශ කළ ස්ථාවරය ක්‍රියාවෙන් ඔප්පු කිරීමක් ලෙස ලොව පුරා දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
මෙම සම්පූර්ණ වන්දි මුදල ළමා, පරිසර සහ සමාජ සුභසාධන ක්ෂේත්‍ර නියෝජනය කරන ප්රමුඛ පෙළේ පුණ්‍යායතන පහක් අතරේ සමසේ බෙදා දීමට ජොනි ඩෙප් කටයුතු කර ඇත.
ඒ අනුව සෙම්ප්රතිදූෂිත සහ දරුණු ලෙස රෝගාතුර වූ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන, පරිසර සංරක්ෂණ ආයතන මෙන්ම අඩු පහසුකම් සහිත ප්‍රජාවන් නඟාසිටුවීමට සහ තරුණ සිනමාකරුවන්ට අතහිත දීමට කටයුතු කරන සංවිධාන වෙත මෙම මුදල් ලැබී ඇති බව සඳහන් වනවා.
මෙලෙස පරිත්‍යාග කරන ලද එක් ආයතනයකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙක බැගින් වූ මුදලක් හිමිව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.
හොලිවුඩ් ඉතිහාසයේ දැඩි අවධානයක් දිනාගත් මෙම නඩු තීන්දුවෙන් පසුව ජොනි ඩෙප් ගත් මෙම තීරණය ඔහුගේ රසිකයන්ගේ මෙන්ම ලෝක ප්‍රජාවගේ ද ඉහළ ඇගයීමට ලක්ව තිබෙනවා.
