මැදපෙරදිග යුද තත්වය හමුවේ ආර්ථිකයට එල්ල වී ඇති බාහිර අභියෝග ජයගත යුතුයි

‍‍තනි තනිව නොව, සාමූහිකව කටයුතු කරමින් මැදපෙරදිග යුද තත්වය හමුවේ ආර්ථිකයට එල්ල වී ඇති බාහිර අභියෝග ජයගත යුතු බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ පස්වරුවේ පැවති ලාංකේය ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ 2026 වාර්ෂික මහා සභා රැස්වීම අමතමින්, ජනාධිපතිවර යා මේ බව කියා සිටියා.

        ලාංකේය ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ 2026 වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී මෙවර පැවැත්වුණේ, “පරපුරෙන් පරපුරට ශක්තිමත් හෙටක් හදන අදක්” තේමාවෙන්.  ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සමුළුවට එක්ව සිටියා.