කරුවලගස්වැව, රජවිගම අතුරු මාර්ගයේ ඊයේ (02) දින රාත්රී රජවිගම ඇළ බන්ට් එක දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් පාලමක ආරක්ෂක වැටක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මරණකරු අවුරුදු 21 ක් වූ කරුවලගස්වැව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පැදිකරු පුත්තලම රෝහලට ඇතුලත්ව වැඩිදුර ප්රතිකාර ලබන අතර කරුවගලස්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
