වියට්නාම ජනපති හෙට දිවයිනට

වියට්නාම ජනාධිපතිවරයා සහ එරට කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ටූ ලැම් මහතා හෙට (07) දිවයිනට පැමිණීමට නියමිතයි.

වියට්නාම විදේශ අමාත්‍යාංශය පවසන්නේ, ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි.

වියට්නාම ජනාධිපතිවරයා ලබන 08 වැනිදා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඇමතීමටද සැලසුම් කර තිබෙනවා.