ජපානයේ අයිචි-නගෝයාහි පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං තරගාවලියේ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාදීමට නදීකා පුෂ්පකුමාරි සමත් වුණා.
කාන්තා කිලෝග්‍රෑම් 51 බර පන්තියේ මූලික වටයේ (Preliminaries Bout 10) තරගයට එක්වූ නදීකා, එහිදී ඇෆ්ගනිස්ථානයේ ලාලා කාර්ගාර් (Lala Kargar) පරාජයට පත් කරමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළා.
විනිසුරුවන් පස්දෙනාගේම තීරණය අනුව ලකුණු 5 – 0ක් ලෙස පූර්ණ තරග ජයක් හිමිකර ගැනීමට ඇය සමත්වීම විශේෂත්වයක්.
