සරණගේ නඩු හතරක තීන්දුව අද

දූෂණ චෝදනා එල්ල වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව අද (09) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක තීන්දුව පසුගිය 26 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මේ බව නියම කළා.

එම නඩු අද කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නිවේදනය කළේ එම නඩුවල තීන්දු සූදානම් කර නොමැති බවයි.

ඒ අනුව තීන්දු ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා එනම් අද දින සිදු කරන බවට විනිසුරුවරයා නියෝග කළා.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම ආයතනයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.