හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ (04) දින සිට එක් මන්තීරුවකට සීමා කර තිබෙනවා.

හැටන් ප්‍රදේශයට ඊයේ දින දවස පුරා ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ එම මාර්ගයේ කුඩාගම ප්‍රදේශයෙන් පස් කන්ද කඩා වැටී ඇති බවත්, පස් කන්ද කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර ඇති බවයි හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් කියා සිටියේ.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කිරිමේ කටයුතු සිදු කරන බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා පැවසීය.

පවතින වර්ෂාවත් සමග හැටන් කොළඹ සහ හැටන් නුවරඑළිය මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම මාර්ගවල රැදී සිටීමෙන් වළකින ලෙසත්, රථවාහන ධාවනයේදී සලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙසයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.