පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් හෙට (2026.04.08) දින මහජන සේවාවන් සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට දින ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාල මගින් ක්‍රියාත්මක වන්නේ අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා වූ එක්දින සේවාව පමණක් බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් සාමාන්‍ය සේවා සහ පෙරට්ටු කාර්යාල සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. නැවත දැනුම් දෙන තුරු සාමාන්‍ය සේවා සඳහා පැමිණීමෙන් වළකින ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
