හොංකොං හි යුඑන් ලොන් ප්‍රදේශයේ ගබඩාවක් වටලා ඩොලර් මිලියන 130කට ආසන්න කොකේන් තොගයක් එරට පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
පාකිස්ථාන ජාතිකයින් තිදෙනෙකුද අත්අඩංගුවට ගැනුණා.
කිලෝග්රෑමය බැගින් වූ පැකට් 172ක මෙම කොකේන් තොගය අසුරා තිබුණා.
එය ඩොලර් මිලියන 128ක් පමණ වන බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.
නිලධාරීන්ගේ පරීක්ෂණ අපහසු කිරීම සඳහා ඔවුන් විශේෂ උපක්‍රමයක් ද භාවිත කර තිබෙනවා.
එක්ස්-රේ කිරණ අවහිර කළ හැකි අභ්‍යන්තර ස්ථරයක් සහිත බහාලුම් තුළ මෙම මත්ද්‍රව්‍ය අසුරා තිබුණා. සැකකරුවන් වයස අවුරුදු 28ත් 35ත් අතර පසුවන්නන්.
ඔවුන් හොංකාං හි රැඳී සිට ඇත්තේ තාවකාලික වීසා බලපත්‍ර මතයි. මෙම මත්ද්‍රව්‍ය තොගය විදේශ රටකින් ගෙන්වා ඇති බවට එරට පොලීසිය සැක කරනවා.
