159 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකා පොලිසිය

1866 සැප්තැම්බර් 03 වන දින ව්‍යවස්ථාපිතව ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොලිසියේ 159 වන සංවත්සරය අදට (03) යෙදී තිබෙනවා.

”නීතිය සුරකිමු, සාමය අගයමු” මෙවර එහි තේමාවයි.

159 වැනි සැම­රුම අද පස්ව­රුවේදී තිඹි­රි­ග­ස්යාය පොලිස් ක්‍රීඩාං­ග­ණ­යේදී ජනා­ධි­පති අනුර කුමාර දිසානායක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැත්වෙනවා.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහත්වරුන් ඇතුළු පොලිසියේ ජ්‍යෙෂ්ඨ මෙන්ම කනිෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.