2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව www.doenets.lk සහ www.results.exams.gov.lk වෙබ් අඩවි හරහා එම ප්‍රතිඵල පරීක්ෂා කළ හැකිය.
මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් හෝ ගැටලුවක් පවතින්නේ නම්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතා තොරතුරු ලබාගත හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ඒ සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 27 84 208, 011 27 84 537 සහ 011 27 85 922 යන පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතන ලෙස ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
