ජාතික මට්ටමේ ක්‍රීඩකයින් 46 දෙනෙකුට ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනැමූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
මෙලෙස ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත්තු පිරිනමා තිබෙන්නේ 2026 – 2027 තරග වර්ෂය සඳහායි.
ඒ අනුව 2026 වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට 2027 වසරේ මාර්තු 31 වැනිදා දක්වා මෙම කොන්ත්‍රාත්තු බලපැවැත්වෙන බවට අදාළ නිවේදනයේ සඳහන්.
A1, A2, B1, B2, C1 සහ මධ්‍යම කොන්ත්‍රාත්තු ලෙස වර්ගීකරණය කර තිබෙන්නේ ක්‍රීඩකයින්ගේ කාර්ය සාධනය, අනුකූලතාව, යෝග්‍යතාව සහ උපාය මාර්ගික අවශ්‍යතා අනුව මෙලෙස ක්‍රීඩකයින් වර්ගීකරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ දැක්වෙනවා.
මේ අතර, ක්‍රීඩක කොන්ත්‍රාත්තු සඳහා අලුතින්ම ඇතුළත් වූ ක්‍රීඩකයන් වන්නේ, කමිල් මිශාර, ලසිත් කෲස්පුල්ලේ, විජයකාන්ත් වියස්කාන්ත්, ඉසිත විජේසුන්දර, වනුජ සහන්, දිලුම් සුදීර සහ තරිඳු රත්නායක.
