මධ්‍යධරණී මුහුදේ දින 6 ක් පුරා අතරමංව සිටි සංක්‍රමණිකයින් විසිදෙදෙනකු මියගොස් ඇති බව ග්‍රීසියේ වෙරළාරක්ෂක බලකාය පවසනවා. ලිබියාවේ ටොබ්රැක් වරායෙන් පිටත්ව ඇති යාත්‍රාවේ සිටි කාන්තාවක සහ කුඩා දරුවෙකු ඇතුළු 26 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකිවී තිබෙනවා.
බලධාරීන් පෙන්වා දෙන්නේ, අයහපත් කාලගුණය සහ ආහාර පාන නොමැතිවීම මරණවලට ප්‍රධාන හේතුව බවයි. ඉකුත් 21 වැනිදා නැගෙනහිර ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කළ මෙම කුඩා බෝට්ටුව සිය මාර්ගය සොයා ගැනීමට නොහැකිව දින 6 ක් තිස්සේ පාවෙමින් තිබූ බව වාර්තා වනවා.
ක්‍රීට් දූපතට දකුණු දෙසින් නාවික සැතපුම් 53 ක දුරකදී යුරෝපා දේශසීමා ඒජන්සියේ යාත්‍රාවක් මගින් බෝට්ටුවේ රැඳී සිටි පිරිස මුදා ගෙන තිබෙනවා. දිවි බේරාගත් පිරිස අතර බංග්ලාදේශය, දකුණු සුඩානය සහ චැඩ් රාජ්‍යයේ වැසියන්ද සිටින අතර, ඉන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැක දකුණු සුඩාන ජාතිකයින් දෙනෙකු ග්‍රීක බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඉකුත් වසරේ පමණක් සංක්‍රමණිකයින් හතළිස්එක්දහසක වැඩි පිරිසක් මුහුදු මාර්ගයෙන් ග්‍රීසියට පැමිණ ඇති අතර, ජාවාරම්කරුවන් අනාරක්ෂිත යාත්‍රා භාවිත කරීම නිසා මෙවැනි අනතුරු බහුලව සිදු ව

න බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පෙන්වා දෙනවා.