පුරාවස්තු කැණීම් සිදුකල සැකකරුවන් තිදෙනෙකු ඊයේ (01) දින සවස දෙහිඅත්තකණ්ඩිය, මුවගම්මන ප්රදේශයේදී කැණීම් උපරකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකල සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 24, 27 සහ 37 වයස්වල පසුවන අකරැස්ස, බෝගස්වැව සහ දෙහිඅත්තකණ්ඩිය ප්රදේශවල පදිංචිකරුවන් වේ.
දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
