පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාවේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම භූ චලනය මින්දනාඕ හි බුරියාස් (Burias) ප්‍රදේශයට බටහිර – නිරිත දෙසින් කිලෝමීටර 24.7ක් දුරින්, පොළොව මතුපිට සිට කිලෝමීටර 35ක් ගැඹුරින් සිදුව ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, මෙම අනතුරින් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
