උක් රස සොයා ආ ගමන මරණයෙන් කෙළවර වෙයි

බුත්තල ඔක්කම්පිටිය, ජෝති අමුණ ප්‍රදේශයේ උක් ගස් වගා බිමකදී විදුලි සැර වැදීමෙන් වන අලින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

වයස අවුරුදු 1ක සහ අවුරුදු 20ක පමණ අලි දෙදෙනෙකු මෙලෙස මිය ගොස් ඇති අතර, වගාව බේරා ගැනීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනක ගැටීමෙනුයි වන අලින් දෙදෙනා මෙලෙස මිය ගොස් ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.