මීරිගම නාල්ල මාර්ගයේ හකුරුකුඹුර ප්රදේශයේදී ඊයේ (15) දින රාත්රී නාල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක මාර්ගයේ වම් පසින් ගමන් කළ පදිකයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පදිකයා මීරිගම රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 59 ක් වූ නාල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මීරිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
