සහෝදර ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

වැල්ලව, තල්විට ප්‍රදේශයේ ඊයේ (02) දින රාත්‍රී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා.

වැල්ලව පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 58 ක් වූ තල්විට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම මරණකරු හා ඔහුගේ සහෝදරයෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සහෝදරයා විසින් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.