අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2026) විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මස 03 වන දින සිට 23 දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
සියලුම පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන් හා පෞද්ගලික අයදුම්කරුවන් අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් යොමුකළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.
පෞද්ගලික අයදුම්කරුවන් අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළයුතු අතර හැඳුනුම්පත නොමැති අයදුම්කරුවන් තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වීම සිදුකළ යුතුවෙයි.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අවඩිය වන www.doenets.lk හෝ www.onlineexams.lk/eic වෙත පිවිස අයදුම්පත යොමු කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ජූලි මස 23 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැකි අතර කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ නොකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
